Tuesday, November 26, 2019

ගුරු ගීතය

ගුරු ගීතය ලොව පුරා ප්‍රසිද්ධියට පත් වූ ග්‍රන්ථයකි.චිංගීස් අයිත්මාතව් විසින් රචනා කර ඇති මෙයින් විසල් පණිවුඩයක් අපට ලබා ගත හැකිය.පහතින් දැක්වෙනුයේ එහි එන සුප්‍රසිද්ධ කියමනකි.
Image result for guru geethayaImage result for guru geethaya

Sunday, November 24, 2019

ටොම් සෝයර්

ලොව පුරා රසිකයන්ගේ සිත් සොරාගත් චිත්‍රපටියක් බවටද පත්වූ මාර්ක් ටුවේන්ගේ THE ADVENTURES OF TOM SAWYERග්‍රන්ථය ටොම් සෝයර් ලෙස  සිංහලට පරිවර්තනය  කරන ලද්දේ තත්සරණී සතරසිංහ මහත්මියයි.

Sunday, October 6, 2019

අප්පච්චි ඇවිත්


Image result for ISBN 978-955-31-0915-6Image result for ISBN 978-955-31-0915-6
සමන් වික්‍රමාරච්චි මහතා විසින් රචිත මෙම අගනා ග්‍රන්ථය 2018 වසරේ  ස්වර්ණ පුස්තක සම්මානය දිනූ විශිෂ්ටතම නව කතාව බවට පත්විය.

Wednesday, September 18, 2019

උම්මග්ග ජාතකය

Image result for ummagga jathakaya bookපන්සිය පනස් ජාතක පොත අප සියලු දෙනාම දන්නා වටිනා ග්‍රන්ථයකි.බෝසතාණෝ බුදු වීමට පාරමිතා පිරූ සේක.උන් වහන්සේ එක් ආත්ම භාවයක එකල ඉන්දියාවේ මියුළු නුවර වේදේහ රජුගේ අග්‍ර පුරෝහිත වූ මහෞෂධ පණ්ඩිතයන්ව උපන්නේය.එහිදී සියලු කරදර වලින් රාජ්‍ය මුදවා ගැනීමට එතුමා තම බුද්ධිය ෙයදවීය.උම්මග්ග ජාතකය වනාහි මහෞෂධ පණ්ඩිතයන්ගේ බුද්ධි මහිමය ප්‍රකාශ කිරීමට රචිත ග්‍රන්ථයකි.ලක්ෂ්මන් කහටපිටිය මහතා විසින් මෙම ජාතක කතාව පාඨක සිතට පහසුවෙන් තේරුම් ගත හැකි පරිදි බස යොදා රචනා කර ඇත.

Friday, September 6, 2019

තෙත්බිමක අසිරිය සුන්දර කිරළ කැලේ

තෙත් බිම් පිළිබඳ  බොහෝ ග්‍රන්ථ රචනා වී අැති කෘති බාෙහා්  අැත.කිරළ කැලය යනු විශේෂිත  ෙතත් බිමකි. ෙමය ඒ පිළිබඳ ජයතිස්ස තෙන්නකෝන් මහතා විසින් රචිත කෘතියකි.

Sunday, August 18, 2019

එදා හෙළදිව

ඉංග්‍රීසි ජාතික රොබට් නොක්ස්  විසින් ලියන ලද An Historical Relation of the Island of Ceylon නම් කෘතියේ සිංහල අනුවාදය  ඩේවිඩ් කරුණාරත්න මහතා විසින් එදා හෙළදිව ලෙස පළ කර ඇත.මහනුවර රාජධානි සමයේ ලාංකේය ජන සමාජය රොබට් නොක්ස්ගේ නෙතින් විවරණය කෙරෙන මෙම කෘතිය ලාංකේය පරිවර්තන සාහිත්‍ය කෘතීන් අතර අමරණීය කෘතියක් ලෙස වැජඹෙයි.

Friday, August 16, 2019

හැරී පොටර් සහ අඩ-ලේ කුමාරයා

ලොව වසන පාඨකයන්ගේ සිත් අමනදානන්දයෙන් මුසපත්  කිරීමට තරම් දක්ෂ හැකියාවක් ඇති කතුවරු සිටිති.ඒ අතුරින් ජේ.කේ.රෝලිං  හට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි.
ඇගේ නාමය ලොව පුරා පතළ කිරීමට සමත් වූයේ හැරී පොටර් නම් කතා මාලාවයි.
හැරී පොටර් පොත් පෙළ අතරින් මා වඩා ප්‍රිය කරනුයේ හැරී පොටර් සහ අඩ-ලේ කුමාරයා කෘතියටයි
මෙහි එනුයේ හොග්වාර්ට්ස් ඉන්ද්‍රජාලික සහ මායාකර්ම පාසලේ හැරී පොටර් ගෙවන සයවන වසරයි.


වොල්ඩර්මෝට්ගේ දුෂ්ට බලවේග ඇති වෙද්දී රට පුරා දොම්නස් අඳුර සහ බිය පැතිරී යයි. තමන්ගේ දෛවයට මුහුණ දීමට කාලය පැමිණි බව හැරීට වැටහෙයි. 



Wednesday, August 14, 2019

ගිහින් එන්න කානිවල්

සුමුදු නිරාගී සෙනෙවිරත්න විසින් රචනා කර ඇති මෙම කෘතිය  එක් අතකින් ගත්විට  සමාජය පිළිබඳ අපූරු විවරණයක් ලබා දෙන්නකි.අලුත් පරිසරයක් හමුවේ ළමයෙක්ට දැනෙන හැඟීම හා එහිදී ඔහු ක්‍රියාකරන ආකාරය මෙහි කදිමට දක්වා ඇත.මෙම ග්‍රන්ථය ම්‍රද්‍රණය කර ඇත්තේ 2017 වසරේදීය.මෙයට 2018 වසරේ රජිත පුස්තක සම්මානය හිමිව ඇත.සම්මානයක් හිමි වූ කෘතියක් නම් එහි විශේෂත්වයක් ඇති බව නොරහසකි.
Add caption

Thursday, August 8, 2019

සෞරග්‍රහ මණ්ඩලය

Image result for solar systemසෞරග්‍රහ මණ්ඩලය කියන එකට නිර්වචනයක් කියන්න
කිව්වොත් තාරකාවක් වන සූර්යයාත්, ඒ වටා සැරිසරන ග්‍රහලෝක අටත් තමයි සාමාන්‍යයෙන් සෞරග්‍රහ මණ්ඩලය කියලා කෙනෙක් කියාවි.ග්‍රහලෝක අට විදිහට  බුධ,සිකුරු,පෘථිවි,අඟහරු,බ්‍රහස්පති,සෙනසුරු,යුරේනස්, නෙප්චූන් යැයිද පවසාවි.එහෙත් මේ ග්‍රහලෝක අටට අමතරව ඒවායින් සමහරක් වටා තියෙන චන්ද්‍රයන් (හඳවල්), ග්‍රහක වලල්ලේ තියෙන ග්‍රහක, තැන තැන තියෙන ධූමකේතු පවා අයත් වෙන්නේ අපේ සෞරග්‍රහ මණ්ඩලයටමයි. 



පෙර ග්‍රහ ලෝකයක් කියපු ප්ලූටෝත් ඇතුළුව වාමන ග්‍රහයන්, දූවිලි වලාකුළු වගේ තවත් ගොඩක් දේවල් සෞරග්‍රහ මණ්ඩලයට අයිතියි. විද්‍යාත්මකව කියනවා නම් සූර්යයාගේ ගුරුත්වාකර්ෂණ බලය නිසා සූර්යයාගෙන් මිදිලා යන්න බැරිව ඒ වටා සැරිසරන හැම දෙයක්ම සෞරග්‍රහ මණ්ඩලයේ කොටසක්.

නොදත් තොරතුරු

 හැම ග්‍රහලෝකයක්ම යන්නේ නිශ්චිත මාර්ගයකයි.එයට කක්ෂය යැයි කියයි.මේ කක්ෂවල හැඩය මොනවගේද?ඒවා ඉලිප්සාකාරද? නැහැ.ඉලිප්සයක් කියලා හඳුන්වන්නේ අක්ෂ දෙකක් වටා සමමිතික වන හැඩයකටයි. ඉලිප්සයකට මහා අක්ෂය, කුඩා අක්ෂය කියලා සමමිතික රේඛා දෙකක් තියෙනවා. නමුත් ග්‍රහලෝක ගමන් කරන කක්ෂ වල හැඩය ඊට වඩා වෙනස්. එකේ තියෙන්නේ එක සමමිතික අක්ෂයක් විතරයි.

ග්‍රහලෝකවල කක්ෂ වල හැඩයො තමයි “අණ්ඩාකාර” කියන එක. අණ්ඩාකාර කියන්නේ වචනාර්ථයෙන්මගත්තත් බිත්තරයක හැඩයටයි.
https://assets.roar.media/Sinhala/2016/09/Real-orbit-shape-e1475065913463.jpg

දර්ශනීය සිකුරු 

සිකුරු ග්‍රහයා ඉර බටු තරුව හා පහන් තරුව ලෙසද හැදින්වේ.පෘථිවියට සමීප නිසා දීප්තිමත්ව දර්ශනය වේ. ආදරයේ දෙවඟන යන්න සිකුරු ග්‍රහයා හඳුන්වන තවත් නමකි.පයිතගරස් එය ග්‍රහ වස්තුවක් ලෙස පෙන්වාදුණි                                             රෝමවරු වීනස් යැයි සිකුරුව හඳුන්වයි.   

වැදගත් තොරතුරු 

  • සූර්යයාගේ සිට කි.මී.මිලියන108.2 පමණ දුරක් ඇත.                                                                          
  • විෂ්කම්භය 12100 kmපමණ වේ.                                                                                                       
  • පෘථිවියට වඩා තරමක් කුඩාය.
  • පෘථිවියේ ස්කන්ධය හා ඝනත්වයට සමාන නිසා එය පෘථිවියේ නිවුන් සොහොයුරිය ලෙසද හැඳින්වේ.
  • භ්‍රමණය වීමට ගතවන කාලය පෘථිවි දින 243කි.
  • පරිභ්‍රමණය වීමට ගතවන කාලය පෘථිවි දින 224.7කි.  
  • බටහිර සිට නැගෙනහිරට භ්‍රමණය වේ.
  • ඉතා ඝන වායුගෝලයක් ඇත.                                                                                                      

අඟහරුගේ නව තොරතුරු

අවුරුදු 60,000කට පමණ පසු විශේෂ දෙයක් සිදු විය.එනම් අඟහරු ග්‍රහයාත් අපේ පෘථිවියත් කිලෝමීටර් මිලියන 56ක පරතරයකින් පිහිටීමයි. එය සිදු වූයේ 2003 අගෝස්තු මාසයේදීයි. එම දුර අපට විශාල දුරක් මෙන් පෙනුණත් තරු සහ ග්‍රහයන් ගැන අධ්‍යනයේ යෙදෙන විද්‍යාඥයන්ට නම් එය ඉතාම කෙටි දුරකි.ගවේශන-මාර්ස් ග්ලෝබල් සර්වයර් නම් යානය අඟහරු මතට ගොඩ බැස්සුවේ 1997දීයි. අඟහරු ග්‍රහයා අවට චුම්බක      ක්ෂේත්‍රයක් තිබුණු බවට එම යානාව කළ ගවේෂණයෙන් සොයා ගැනිණ.


අඟහරු වෙත මිනිසුන් යැවීමටද නාසා ආයතනය කටයුතු සූදානම් කර ඇත.එම ගමනට සහභාගී වන්නේ 17 හැවිරිදි දැරියක් වන අලයිසා කාසන්ය.


හඳ මත වගාව

චීනයේ චෑං e-4 නමැති අභ්‍යවකාශ යානය මඟින් ගෙන ගොස් සඳ මත සිටුවන ලද බීජ පැළ වී ඇතැයි චීනයේ ජාතික අභ්‍යවකාශ අධිකාරිය (China National Space Administration) පවසයි.
සඳ මත යම් ජීව විද්‍යාත්මක ද්‍රව්‍යයක් රෝපණය වූ පළමු අවස්ථාව ලෙස මෙයයි. Chang e- 4 යනු පෘථිවියට ප්‍රතිවිරුද්ධව පිහිටි සඳේ මතුපිට පෘෂ්ඨයට ගොඩ බැස්වූ පළමු අභ්‍යවකාශ යානයයි.එම පෘෂ්ඨයේ භූගර්භ විද්‍යාත්මක ලක්ෂණ විශ්ලේෂණය කිරීම සඳහා අවශ්‍ය උපාංග රැගත් චෑං e-4 යානය සඳ මත ගොඩ බැස් වූයේ, ජනවාරි මස 3 වැනි දාය.මීට පෙර ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ ශාක රෝපණයක් සිදු කර ඇතත් සඳ මත මීට පෙර ශාක රෝපණය කැර නොතිබිණි. සඳ මත ශාක රෝපණය කළ හැකි වුවහොත් එය අඟහරු තරණය වැනි වසර දෙකහමාරක් තරම් කාලයක් ගත වන දීර්ඝ අභ්‍යවකාශ ගමන්වලට උපකාර වනු ඇත.





Thursday, August 1, 2019

බැද්දේගම

සිඩ්නි ලෙනාඩ් වුල්ෆ් විසින් රචිත The village in the jungle නම් කෘතියේ සිංහල පරිවර්තනය මෙයයි.

The village in the jungle

Sunday, July 14, 2019

පාළු දූපත

පාළු දූපත නම් මෙම කෘතිය එච්.ජී.ජයසුමන මහතා විසින් රචිත අග්‍රගණ්‍ය විද්‍යා ප්‍රබන්ධයකි.මෙම පොත කියවන සිසුන්ට බොහෝ දැනුමක් ලැබෙන බව මගේ විශ්වාසයයි.

Monday, July 8, 2019

ශිෂ්‍යත්වය


අඹ යහළුවෝහි දෙවනි කොටස වන මෙය ටි.බී.ඉලංගරත්න ශූරීන්ගේ තවත් විශිෂ්ට කෘතියකි.නිමල් සහ සුනිල් මෙහි සිටින ප්‍රධාන චරිත වේ. 


Image result for ශිෂ්‍යත්වය-ටී.බී.ඉලංගරත්න

කළණ මිතුරු පොත් සුමිතුරු කියවීම් ප්‍රවර්ධන වැඩසටහන

කනිශ්ඨ අංශයේ තරඟයට සහභාගී වූ සිසුන් කණ්ඩායම-මාතර කලාපය
සිසුන්ගේ නම් (වමේ සිට දකුණට):-ඔසඳි-සුජාතා විද්‍යාලය,කවීෂා-දොඩම්පහළ විද්‍යාලය,වෙනුරි,රනලි-සාන්ත තෝමස් උසස් බාලිකා විද්‍යාලය,කවීෂ,ජිනුක-සාන්ත තෝමස් කුමර විදුහල)
අපව මෙතරම් දුර රැගෙන ආ ප්‍රදීපා ගුරුතුමිය,කුලංගා ගුරුතුමිය,ගුණවර්ධන ගුරුතුමිය,සුමිත් ගුරුතුමා,සංජීව ගුරුතුමා සහ වචනයෙකින් හෝ සහය වූ සැමට ස්තූතියි!

Thursday, July 4, 2019

මඩොල් දූව

මෙය මාර්ටින් වීක්‍රමසිංහ විසින් රචනා කර ඇත. ඔහු ඉතා දක්ෂ කතුවරයෙකි.

අඹ යහළුවෝ

මෙය ටී.බී.ඉලංගරත්න විසින් රචනා කර ඇත.‌‌‌‌ෙමෙය ඉතා අලංකාර කෘතියකි.

Thursday, June 20, 2019

2001 අභ්‍යාවකාශ වීර චාරිකාව

Image result for ආතර් සී ක්ලාක්ගේ විද්‍යා ප්‍රබන්ධImage result for arthur c clarke books sinhalaමෙය ආතර් සී ක්ලාක් මහතා විසින් රචිත විද්‍යා ප්‍රබන්ධයකි.අභ්‍යාවකාශ වීර චාරිකාව-1 2001 වෙි. පරිවර්තනය එස්.එම්.බන්දුසීල මහතා විසින් කර ඇත.මෙම කතා මාලාවේ රාමා හමුව විශේෂ වේ.