අප්පච්චි ඇවිත්
සමන් වික්‍රමාරච්චි විසින් රචනා
කර ඇති මෙම කෘතිය 2018 ස්වර්ණ පුස්තක සම්මානය දිනූ
විශිෂ්ටතම නවකතාවයි.මෙහි සැබෑ යථාර්ථය තුමක්ද?පියාගේ නාමකරණයේ
ඇතිකාර්යභාරය(අප්පච්චි ඇවිත්/Name-of-the-father?)කුමක්ද?හරියටම
එමඟින්පියා සංකේතිකව මරා දමා ආත්මයාට තමාගේ පියා අතහැර දැමීමට සිදුවෙයි.පවුල්
සංස්ථාවේ සිදුවූ විපර්යාසයක් මෙමඟින් පෙන්වයි.
ටොම් සෝයර්
කුඩා දරුවන් නිරතුරු දඟකාර සෙල්ලම ප්‍රිය
කරන පිරිසකි.එමෙන්ම ඔවුන් තුළ වීරයෙකුද
ජීවත්වේ.මගේ අදහස නම් මෙම කෘතියේ දැක්වෙනුයේ ටොම් සෝයර් තුළ ජීවත් වූ වීරයා අවදි වීමකි.නැන්දණියට
හොරෙන් මිතුරන් සමඟ සෙල්ලමට යන ටොම් සෝයර් නැන්දණියගෙන් බේරීමට දරන උත්සාහයේ ප්‍රතිඵලයක්
ලෙස එක් දූවකට ය
ගිහින් එන්න කානිවල් 🗽
ගිහින් එන්න කානිවල් කෘතිය ජාතියේ පිනට පහළ වූ ලේඛිකාවක් වන සුමුදු නිරාගී සෙනවිරත්නගේ අග්‍රගණ්‍ය කෘතියක් ලෙස මම දකිමි.අපගේ ජීවිතය හැඩගස්වා ගැනීමට මෙමඟින් මහත් පිටුවහලක් සපයයි.ඒකාකාරී ජීවිතයෙන් මිදී රසවින්දනයක් ලබා ගැනීමට මෙම කාතිය උපකාරී වේ.
ගඟ අද්දර කැලේ සෝමවීර සේනානායක විසින් රචනා කර ඇත.යොවුන් ළමයෙක් වටා ගෙතුණ මෙය ඉතා අලංකාර කෘතියකි.ළමයින්ට ජීවිතයට හොඳ ආදර්ශයක් මෙම කෘතිය මගින් ලබා ගත හැක.ඇත්තවශයෙන්ම මගේ අදහස නම් මෙම පොත ළමා මනස මනාව තේරුම්ගෙන රචනා කරන ලද්දක් බවයි.
මඩොල් දූව😊
මඩොල් දූව වනාහි මාර්ටින් වික්‍රමසිංහ විසින් රචිත කලියුගය,යුගාන්තය,ගම්පෙරළිය වැනි කෘති සේම ජනාදරයට පත්වූ තවත් ග්රන්ථයකි.කතුවරයා මෙම කෘතිය මඟින් ළමයින් වීරයන් බවට පත් කර ඇති බවක් මට හැඟුණි.
එදා හෙළදිව🌇🌄
ඉංග්‍රීසි ජාතික රොබට් නොක්ස් විසින් ලියන ලද An Historical Relation of the Island of Ceylon නම් කෘතියේ සිංහල අනුවාදය ඩේවිඩ් කරුණාරත්න මහතා විසින් එදා හෙළදිව ලෙස පළ කර ඇත.මහනුවර රාජධානි සමයේ ලාංකේය ජන සමාජය රොබට් නොක්ස්ගේ නෙතින් විවරණය කෙරෙන මෙම කෘතිය ලාංකේය පරිවර්තන සාහිත්‍ය කෘතීන් අතර අමරණීය කෘතියක් ලෙස වැජඹෙන බව මගේ අදහසයි.
No comments:
Post a Comment