
පන්සිය පනස් ජාතක පොත අප සියලු දෙනාම දන්නා වටිනා ග්‍රන්ථයකි.බෝසතාණෝ බුදු වීමට පාරමිතා පිරූ සේක.උන් වහන්සේ එක් ආත්ම භාවයක එකල ඉන්දියාවේ මියුළු නුවර වේදේහ රජුගේ අග්‍ර පුරෝහිත වූ මහෞෂධ පණ්ඩිතයන්ව උපන්නේය.එහිදී සියලු කරදර වලින් රාජ්‍ය මුදවා ගැනීමට එතුමා තම බුද්ධිය ෙයදවීය.උම්මග්ග ජාතකය වනාහි මහෞෂධ පණ්ඩිතයන්ගේ බුද්ධි මහිමය ප්‍රකාශ කිරීමට රචිත ග්‍රන්ථයකි.ලක්ෂ්මන් කහටපිටිය මහතා විසින් මෙම ජාතක කතාව පාඨක සිතට පහසුවෙන් තේරුම් ගත හැකි පරිදි බස යොදා රචනා කර ඇත.
No comments:
Post a Comment