පරිසරය 🌏🌄🐦🌴🌷🌾🌿♻

රක්‍ෂිත භූමි 65 ක් ආරක්‍ෂිත වනාන්තර ලෙස නම්කිරීම

කඩොලාන වනාන්තර ඇතුලුව මේ රටේ මෙතෙක් අනාරක්‍ෂිතව පැවැති රක්‍ෂිත භූමි 65 ක් ආරක්‍ෂිත වනාන්තර ලෙස නම්කිරීමේ ගැසට් පත්‍ර 65කට හබරණ, ගල්ඔය රක්‍ෂිතයේ පැවැති රුක්රෝපණ උත්සවයක දී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අතින් සිදුකෙරිණි.මහවැලි හා පරිසර අමාත්‍යංශය සහ වනසංරක්‍ෂණ දෙපාර්තමේන්තුව එක්ව ක්‍රියාත්මකකර ජාතික රුක් රෝපණ වැඩසටහනට සමගාමීව ලංකා බැංකුවේ 80 වෙනි සංවත්සරය නිමිත්තෙන් දියත්කරනු ලබන හරිත අරණ ව්‍යාපෘතියේ සමාරම්භක උත්සවයට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ජනාධිපතිවරයා ඒ අවස්ථාවට සහභාගි විය.වනසංරක්‍ෂණ දෙපාර්තමේන්තුවට අයත් පොලොන්නරුව හබරණ අඩවියේ පිහිටි හබරණ ත්‍රිකුණාමලය ප්‍රධාන මාර්ගයට යාබදව අක්කර 250ක භූමියක පැල 80,000ක් සිටුවීමට මේ වැඩසටහන යටතේ සැලසුම් කරඇත.

පරිසර නියමු ජනාදිපති පදක්කම් ප්‍රදානෝතසවය-2019

පරිසර නියමු ජනාධිපති පදක්කම් ප්‍රදානෝත්සවය ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් කොටුව ජනාධිපති මන්දිරයේ දී පැවැත්විණි.

ශ්‍රී ලාංකේය ආනගත පුරවැසියන් පරිසර හිතකාමීන් ලෙස සමාජගත කරමින් මාතෘ භූමියේ සුන්දර පරිසර උරුමය මතු පරපුරට දායාද කිරීම මුඛ්‍ය අරමුණු කර ගනිමින් මධ්‍යම පරිසර අධිකාරිය විසින් අධ්‍යාපන අමාත්‍යාංශයේ පූර්ණ අනුග්‍රහයෙන් ජාතික පරිසර නියමු වැඩසටහන මෙරට පාසල් පද්ධතිය තුළ ක්‍රියාත්මක කරනු ලබයි. පරිසර නියමුවෝ 40 දෙනෙකු මෙහිදී ජනාධිපති පදක්කමින් අභිසෙස් ලැබූහ.
"පරිසර සංරක්ෂණයෙහි ලා පරිසර අධ්‍යාපනයේ වැදගත්කම" මැයෙන් විද්වත් දේශනයක් කොළඹ විශ්ව විද්‍යාලයේ, හෙද අධ්‍යාපන අංශයේ, වැඩබලන පීඨාධිපති මහාචාර්ය දේවක වීරකොන් මහතා විසින් සිදු කළේය. 2019 පරිසර නියමු ජනාධිපති පදක්කම් ප්‍රදානෝත්සවය නිමිත්තෙන් සම්පාදනය කෙරුණු සමරු කලාපය ද ජනාධිපතිතුමා වෙත පිළිගැන්විණි.

අප අවට වටපිටාව පරිරය යැයි හඳුන්වන්නෙමු.
Image result for nature
මිනිසා,සතුන් මෙන්ම ගහකොළද පරිසරයේ අංග වේ.අප ‍මෙලෙස සිටගෙන සිටින මහ පොළවද හුස්ම ගන්නා වාතයද බීමට ගන්නා ජලය  ඇතුළු සෑම දේම පරිසරයට අයත් වේ.මෙම සම්පත් අපට ලබාදෙන පරිසරය රැක ගැනීම අප සැමගේ වගකීමකි.
පරිසරය රැක ගැනීමට කටයුතු කළ,පරිසරය වර්ණනා කළ අය බොහෝය.‌ගෞතම බුදුන් වහන්සේ,රතු ඉන්දියානු නායක සියැටල් ඒ අය අතුරින් වඩා ප්‍රසිද්ධ වේ.
Image result for සියටැල්

සියටැල්ගේ ප්‍රකාශන

  • ගංගා ඇළදොළ දිළිසෙමින් ගලා බස්නා ජලය හුදෙක් දිය දහරාවන්ම නොවේ. ඒ අපේ මුතුන් මිත්තන්ගේ රුධිරයයි.
  •  නිල් අහසත් පොළවේ ඇති උණුසුමත් විකිණීමට හෝ මිලදී ගැනීමට හැකිද..? එය මට නොවැටහේ. මේ අදහස අප හට නම් අරුමයකි. සුළගේ ඇති පවිත්‍ර බව නැවුම් බව ජලයේ ඇති ප්‍රභාවත්‘ බව අප සන්තක නොවේ. එසේ නම් ඔබ ඒවා මිලදී ගන්නේ කෙසේද..?

  • අප පෘථිවියේ කොටසකි. පෘථිවිය  අපේ කොටසකි. සුවඳැති මල් අපගේ  සොයුරියෝ වෙති. මුව පොව්වෝ, රාජාලියෝ හා අශ්වයෝත් අපගේ සොහොයුරෝ වෙති. ගිරි මුදුන්වල සිට තණ බිම් වනාන්තර අතරින් ගලා බස්නා දිය දහරා ද අශ්වයාගේ සහ මිනිස් සිරුරේ උණුසුම ද යන මේ හැම දේ එකම පවුලක සාමාජිකයන්ය.

පාරිසරික තොරතුරු

ලක්දිව පාරිසරික විශ්ව විද්‍යාලය- ජාතික නාමල් උයන

Image result for ජාතික නාමල් උයන

නිල්ගල ඔසු උයන

Image result for නිල්ගල ඔසු උයන
නිල්ගල ඔසු උයන ගිනි ගනී......

කොරල්පරවලින් සියයට 80ක් මිය ගිහින්

කොරල්පරයක් යැයි සරලව අපි හඳුන්වන්නේ වෙරළ කලාපයක තිබෙන වේදිකාවකට සමාන ඉතාමත් සංකීර්ණ ජෛව විවිධත්වයකට උරුමකම් කියන ඉතා වැදගත් පරිසර පද්ධතියකි. මේ කොරල්පරය නිර්මාණය කරන්නේ කොරල් බුහුබාවා ලෙස හඳුන්වන කුඩා ජීවියෙක් විසිනුයි.

සමුද්‍ර දූෂණය සම්බන්ධයෙන් හා කොරල්පර හානිය පිළිබඳ නිසි අවධානයක් නොමැතිවීම නිසා ශ්‍රී ලංකාව මේ වන විට කොරල් සම්පත අහිමිවීමේ අවදානමකට ලක්ව සිටියි.

දිදුලන නීල පැහැති දිවිමකුළුවකු ශ්‍රී ලංකාවේ වැසි වනාන්තරයකින් සොයාගනී


ශ්‍රී ලංකාවේ, නව ප්‍රභේදවල දිවිමකුළු විශේෂවලට තෝතැන්නකි. සිනිදු මවිල් වලින් ගැවසුණු, දිදුලන නීල පැහැ වර්ණ දරන, මිනිස් ඇස නොගැටුණු, පහසුවෙන් කුඩා පීරිසියක් වැළඳ ගත හැකි තරම් වන විශාල ගැහැනු දිවිමකුළුවෝ ද ලංකාවේ වැසි වනාන්තරවල ජීවත් වෙති.
මෙම අනර්ඝ නිල් පැහැගත් දිවි මකුළු විශේෂය පළමුවරට සොයාගෙන ඇත්තේ තේ සහ රබර් වතුවලින් මැදිව පවතින ප්‍රදේශයක පිහිටි නිරිතදිග වැසිවනාන්තරයකිනි. මෙකී දිවි මකුළුවා සම්බන්ධයෙන් පළමුව අවධානය යොමුවූයේ ජීව විද්‍යාඥයකු වූ රනිල් නානායක්කාර මහතාටය. විද්‍යාවට නවතම සොයාගැනීමක් වූ මෙම දිවි මකුළුවා Chilobrachys jonitriantisvansicklei ලෙසින් නම් කර ඇත.

රොකී කඳුකරයට ප්ලාස්ටික් වැසි වැටේ

Add caption
උතුරු ඇමෙරිකාවේ රොකී කඳුවැටිය ආශ්‍රිතව වට වර්ෂාවෙන් ලබාගත් ජලබින්දු සාම්පල පරීක්ෂා කිරීමේදී ඒවායේ තිබී ප්ලාස්ටික් තන්තු, කෙදි, කැටිති, කැබලි, ගුලි ආදිය සොයාගත් බව ඇමෙරිකානු භූගෝලීය සමීක්ෂකයකු වන ග්‍රෙගරි වෙදබී මහතා පවසයි.

No comments:

Post a Comment