Thursday, August 8, 2019

සෞරග්‍රහ මණ්ඩලය

Image result for solar systemසෞරග්‍රහ මණ්ඩලය කියන එකට නිර්වචනයක් කියන්න
කිව්වොත් තාරකාවක් වන සූර්යයාත්, ඒ වටා සැරිසරන ග්‍රහලෝක අටත් තමයි සාමාන්‍යයෙන් සෞරග්‍රහ මණ්ඩලය කියලා කෙනෙක් කියාවි.ග්‍රහලෝක අට විදිහට  බුධ,සිකුරු,පෘථිවි,අඟහරු,බ්‍රහස්පති,සෙනසුරු,යුරේනස්, නෙප්චූන් යැයිද පවසාවි.එහෙත් මේ ග්‍රහලෝක අටට අමතරව ඒවායින් සමහරක් වටා තියෙන චන්ද්‍රයන් (හඳවල්), ග්‍රහක වලල්ලේ තියෙන ග්‍රහක, තැන තැන තියෙන ධූමකේතු පවා අයත් වෙන්නේ අපේ සෞරග්‍රහ මණ්ඩලයටමයි. 



පෙර ග්‍රහ ලෝකයක් කියපු ප්ලූටෝත් ඇතුළුව වාමන ග්‍රහයන්, දූවිලි වලාකුළු වගේ තවත් ගොඩක් දේවල් සෞරග්‍රහ මණ්ඩලයට අයිතියි. විද්‍යාත්මකව කියනවා නම් සූර්යයාගේ ගුරුත්වාකර්ෂණ බලය නිසා සූර්යයාගෙන් මිදිලා යන්න බැරිව ඒ වටා සැරිසරන හැම දෙයක්ම සෞරග්‍රහ මණ්ඩලයේ කොටසක්.

නොදත් තොරතුරු

 හැම ග්‍රහලෝකයක්ම යන්නේ නිශ්චිත මාර්ගයකයි.එයට කක්ෂය යැයි කියයි.මේ කක්ෂවල හැඩය මොනවගේද?ඒවා ඉලිප්සාකාරද? නැහැ.ඉලිප්සයක් කියලා හඳුන්වන්නේ අක්ෂ දෙකක් වටා සමමිතික වන හැඩයකටයි. ඉලිප්සයකට මහා අක්ෂය, කුඩා අක්ෂය කියලා සමමිතික රේඛා දෙකක් තියෙනවා. නමුත් ග්‍රහලෝක ගමන් කරන කක්ෂ වල හැඩය ඊට වඩා වෙනස්. එකේ තියෙන්නේ එක සමමිතික අක්ෂයක් විතරයි.

ග්‍රහලෝකවල කක්ෂ වල හැඩයො තමයි “අණ්ඩාකාර” කියන එක. අණ්ඩාකාර කියන්නේ වචනාර්ථයෙන්මගත්තත් බිත්තරයක හැඩයටයි.
https://assets.roar.media/Sinhala/2016/09/Real-orbit-shape-e1475065913463.jpg

දර්ශනීය සිකුරු 

සිකුරු ග්‍රහයා ඉර බටු තරුව හා පහන් තරුව ලෙසද හැදින්වේ.පෘථිවියට සමීප නිසා දීප්තිමත්ව දර්ශනය වේ. ආදරයේ දෙවඟන යන්න සිකුරු ග්‍රහයා හඳුන්වන තවත් නමකි.පයිතගරස් එය ග්‍රහ වස්තුවක් ලෙස පෙන්වාදුණි                                             රෝමවරු වීනස් යැයි සිකුරුව හඳුන්වයි.   

වැදගත් තොරතුරු 

  • සූර්යයාගේ සිට කි.මී.මිලියන108.2 පමණ දුරක් ඇත.                                                                          
  • විෂ්කම්භය 12100 kmපමණ වේ.                                                                                                       
  • පෘථිවියට වඩා තරමක් කුඩාය.
  • පෘථිවියේ ස්කන්ධය හා ඝනත්වයට සමාන නිසා එය පෘථිවියේ නිවුන් සොහොයුරිය ලෙසද හැඳින්වේ.
  • භ්‍රමණය වීමට ගතවන කාලය පෘථිවි දින 243කි.
  • පරිභ්‍රමණය වීමට ගතවන කාලය පෘථිවි දින 224.7කි.  
  • බටහිර සිට නැගෙනහිරට භ්‍රමණය වේ.
  • ඉතා ඝන වායුගෝලයක් ඇත.                                                                                                      

අඟහරුගේ නව තොරතුරු

අවුරුදු 60,000කට පමණ පසු විශේෂ දෙයක් සිදු විය.එනම් අඟහරු ග්‍රහයාත් අපේ පෘථිවියත් කිලෝමීටර් මිලියන 56ක පරතරයකින් පිහිටීමයි. එය සිදු වූයේ 2003 අගෝස්තු මාසයේදීයි. එම දුර අපට විශාල දුරක් මෙන් පෙනුණත් තරු සහ ග්‍රහයන් ගැන අධ්‍යනයේ යෙදෙන විද්‍යාඥයන්ට නම් එය ඉතාම කෙටි දුරකි.ගවේශන-මාර්ස් ග්ලෝබල් සර්වයර් නම් යානය අඟහරු මතට ගොඩ බැස්සුවේ 1997දීයි. අඟහරු ග්‍රහයා අවට චුම්බක      ක්ෂේත්‍රයක් තිබුණු බවට එම යානාව කළ ගවේෂණයෙන් සොයා ගැනිණ.


අඟහරු වෙත මිනිසුන් යැවීමටද නාසා ආයතනය කටයුතු සූදානම් කර ඇත.එම ගමනට සහභාගී වන්නේ 17 හැවිරිදි දැරියක් වන අලයිසා කාසන්ය.


හඳ මත වගාව

චීනයේ චෑං e-4 නමැති අභ්‍යවකාශ යානය මඟින් ගෙන ගොස් සඳ මත සිටුවන ලද බීජ පැළ වී ඇතැයි චීනයේ ජාතික අභ්‍යවකාශ අධිකාරිය (China National Space Administration) පවසයි.
සඳ මත යම් ජීව විද්‍යාත්මක ද්‍රව්‍යයක් රෝපණය වූ පළමු අවස්ථාව ලෙස මෙයයි. Chang e- 4 යනු පෘථිවියට ප්‍රතිවිරුද්ධව පිහිටි සඳේ මතුපිට පෘෂ්ඨයට ගොඩ බැස්වූ පළමු අභ්‍යවකාශ යානයයි.එම පෘෂ්ඨයේ භූගර්භ විද්‍යාත්මක ලක්ෂණ විශ්ලේෂණය කිරීම සඳහා අවශ්‍ය උපාංග රැගත් චෑං e-4 යානය සඳ මත ගොඩ බැස් වූයේ, ජනවාරි මස 3 වැනි දාය.මීට පෙර ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ ශාක රෝපණයක් සිදු කර ඇතත් සඳ මත මීට පෙර ශාක රෝපණය කැර නොතිබිණි. සඳ මත ශාක රෝපණය කළ හැකි වුවහොත් එය අඟහරු තරණය වැනි වසර දෙකහමාරක් තරම් කාලයක් ගත වන දීර්ඝ අභ්‍යවකාශ ගමන්වලට උපකාර වනු ඇත.





No comments:

Post a Comment