ඇල්බට් අයින්ස්ටයින්
21වන සියවසේ ප්‍රාඥයා ලෙස විරුදාවලිය ලත් ඇල්බට්
අයින්ස්ටයින් විශිෂ්ට විද්‍යාඥයෙකි.සාපේක්ෂතාවාදය සෙයාගෙන ලොවක් මවිත කිරීමට
මෙතුමාගේ බුද්ධියට හැකිවිය.
නෙල්සන්
මැන්ඩෙලා
ලොව පහළ වූ විශිෂ්ට පුද්ගලයින් අතර
ශාස්තෘවරුන් සහ විදයාඥයින් පමනක් නොව තව බොහෝ අය වෙති.1918 ජූලි මස 18 වන දා උපත ලැබූ දකුණු
අප්‍රිකාවේ මුල්ම ස්වදේශික ජනාධිපති නෙල්සන් රොලිහ්ලාහ්ලා මැන්ඩෙලා වනාහි එබඳු
චරිතයකි.ඔහු නිර්භයව
වර්ණභේදය විවේචනය කළ දකුණු අප්‍රිකානු කළු ජාතිකයන්ගේ අයිතිවාසිකම් උදෙසා වසර 27ක් දුක් විදිමින්
සිරබත් කා පසුව දකුණු අප්‍රිකාවේ පළමු කළු ජාතික ජනාධිපති බවට පත්විය.
ස්ටීවන් හෝකින්ස්😖
විද්‍යාව වෙනුවෙන්
සේවය කළ ස්ටීවන් හෝකින්ස් නම් භෞතික විද්‍යාඥයා වනාහිද එබඳු විශිෂ්ටයෙකි.මීට
අවුරුදු 50කට පෙර ඔහු සුව කළ නොහැකි ස්නායුගත ආබාධයකින් පෙළෙන බව හෙළිවූවාට පසු වෛද්‍යවරුන්
කීවේ ඔහු මාස 18කට වඩා ජීවත් නො වන බවයි. 1974දී
ඔහුට තනිවම කෑම ගන්නත් ඇඳට යන්නත් 1984 දී
ඔහුට හරිහැටි කතා කිරීමට නොහැකි විය. 1985 දී
ඔහුට මුලූමනින්ම කතා කිරීම අහිමි වුණා. ඒත් ඔහු අධෛර්යයට පත් වුණේ නැහැ. එතැන් සිට
ඔහු අදහස් පළ කළේ ඔහුගේ කතාව හඬට බවට පෙරළීමට හැකි පරිගණකයක් භාවිත කිරීමෙනුයි.
වසර ගණනාවක් තිස්සේ
මහාචාර්ය හෝකින්ස් විශ්වය ගැන විස්මිත මත රැසක් ම පළ කළේ මේ අයුරින් ඔහු වෙනුවෙන්
ම නිර්මාණය කෙරුණු විශේෂ රෝද පුටුවක සිටයි.
විශ්වය ගැන මත පළ කළ විද්‍යාඥයන් අතර විශිෂ්ටයකු සේ
සැලකෙන මහාචාර්ය ස්ටීවන් හෝකින් දැඩි සේ විශ්වාසයකින් කියන්නේ මිනිසා අඟහරු ග‍්‍රහය
මත ජනපද පිහිටුවීම අනාගතයේ දී අනිවාර්යයෙන් ම සිදුවන්නක් බවයි.
70 වැනි උපන්දිනයට පෙර දා බීබීසියේ ප‍්‍රශ්නවලට පිළිතුරු දුන් මහාචාර්ය හෝකින්ස් විශ්වයේ කොතැනක හෝ බුද්ධිමත් ජීවීන් ඇතැයි සොයා ගැනීමට හැකි වුවහොත් එය විද්‍යාව විසින් කරනු ලබන ලොකුම සොයා ගැනීම යැයි පවසා ඇත.
මාරි කියුරි😍
ලොවෙන් එකෙක් එක් දෙයකට වෙයි සමත යැයි කියමනක් ඔබ අසා ඇතිවාට කිසිඳු සැකයක්
නැත.භෞතික විද්‍යාව මෙන්ම රසායනික විද්‍යාවටද මහඟු සේවයක් කළ විද්‍යාඥවරියක් වන මරියා ස්ක්ලොඩොස්කා කියුරි හෙවත් මාරි කියුරි ජීවත් වූයේ
1867 නොවැ. 07 සිට 1934 ජුලි 04
කාලයේය. ඇය පෝලන්තයේ හැදී වැඩුනු අතර පසු කාලයක දී ප්‍රංශ පුරවැසිභාවය ලබා
ගත්තාය. ඇය භෞතික විද්‍යාඥවරියක් මෙන්ම රසායනික විද්‍යාඥවරියක් ද විය.
විකිරණශීලතාවය නැමැති ක්ෂේත්‍රයේ පුරෝගාමී මෙහෙවරක් ඉටු කළ ඇය නොබෙල් ත්‍යාගය
දෙවරක් දිනා ගැනීමට හැකියාව ලබා ගත්තාය. (වර්තමානය වනතුරු විද්‍යා ක්ෂේත්‍රයන් දෙකක නොබෙල් ත්‍යාගය දිනාගත් එකම පුද්ගලයා ඇයවේ.) එමෙන්ම පැරිස් විශ්වවිද්‍යාලයේ ප්‍රථම කාන්තා
මහාචාර්යවරිය ද ඇය වේ.
විද්‍යාඥවරියක් වන්නට සිහින දකින දැරියන්ට පමණක් නොව මුළු මහත් ස්ත්‍රී ප්‍රජාවටම මැය මහඟු
ආදර්ශවත් කාන්තාවකි.
ගෞතම බුදුන් වහන්සේ
ලොව පහළ වූ මිනිසුන් අතර ශ්‍රේෂ්ඨ මිනිසුන්ද සිටිති.එම තත්වයට ඹවුන්ට ළගා වීමට හැකි වූයේ ඹවුන් තම දක්ෂතා හඳුනාගෙන කැපවීමෙන් වැඩ කළ බැවිනි.එම ශ්‍රේෂ්ඨත්වය තුළින් ඹවුන් විශිෂ්ට වූහ.එතුළින් ප්‍රසිද්ධියට පත් වූහ.ජේසු ක්‍රිස්තුස්තුමා
සියලුම ආගමික ශාස්තෘන්වරුන් අනෙක් අයට වඩා ලෝකය පිළිබඳ පුළුල් ද්‍රෘෂ්ටි කෝණයකින් බලා සිතා විමසා නුවණින් කටයුතු කළ අය වෙති.ජේසුතුමාද එවන් උත්තමයෙකි.
වර්තමාන ලෝකය ගත් විටද විශිෂ්ට පුද්ගලයෝ සිටිති.
විශිෂ්ට චරිත සොයා ලොව වටේ තව රවුමක් යන්න.
ReplyDelete