ඉංග්‍රීසි ජාතික රොබට් නොක්ස් විසින් ලියන ලද An Historical Relation of the Island of Ceylon නම් කෘතියේ සිංහල අනුවාදය ඩේවිඩ් කරුණාරත්න මහතා විසින් එදා හෙළදිව ලෙස පළ කර ඇත.මහනුවර රාජධානි සමයේ ලාංකේය ජන සමාජය රොබට් නොක්ස්ගේ නෙතින් විවරණය කෙරෙන මෙම කෘතිය ලාංකේය පරිවර්තන සාහිත්‍ය කෘතීන් අතර අමරණීය කෘතියක් ලෙස වැජඹෙයි.
සඳ මත යම් ජීව විද්‍යාත්මක ද්‍රව්‍යයක් රෝපණය වූ පළමු අවස්ථාව ලෙස මෙයයි. Chang e- 4 යනු පෘථිවියට ප්‍රතිවිරුද්ධව පිහිටි සඳේ මතුපිට පෘෂ්ඨයට ගොඩ බැස්වූ පළමු අභ්‍යවකාශ යානයයි.එම පෘෂ්ඨයේ භූගර්භ විද්‍යාත්මක ලක්ෂණ විශ්ලේෂණය කිරීම සඳහා අවශ්‍ය උපාංග රැගත් චෑං e-4 යානය සඳ මත ගොඩ බැස් වූයේ, ජනවාරි මස 3 වැනි දාය.මීට පෙර ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ ශාක රෝපණයක් සිදු කර ඇතත් සඳ මත මීට පෙර ශාක රෝපණය කැර නොතිබිණි. සඳ මත ශාක රෝපණය කළ හැකි වුවහොත් එය අඟහරු තරණය වැනි වසර දෙකහමාරක් තරම් කාලයක් ගත වන දීර්ඝ අභ්‍යවකාශ ගමන්වලට උපකාර වනු ඇත.